- 2022 සමස්ත ලංකා රිටි පැනීමේ ඉසව් සදහා සිසුන් තිදෙනෙකු අප විද්්යාලයෙන් සහභාගි වූ අතර, ඉන් දෙදෙනෙකු අවසන් 10 දෙනා අතරට පත්ව ඇත. එය අප විද්‍යාලය ලැබු සුවිශේෂි ජයග්‍රහණයකි.
- 2022 සමස්ත ලංකා සංගීත තරග කේවල වාදන අංශයෙන් සහභාගි වු එස්.වි. නිපුන් මධුසංක සිසුවා තෙවන ස්ථානය ලබා අප විද්‍යාලයට විශාල කීර්තියක් අත්කර දෙන ලදි.
- පාසල් තූර්ය වාදක කණ්ඩායම මේ දිනවල සුවිශේෂි පුහුණු වීම් වල නිරත වන අතර, පාසල් නර්තන කණ්ඩායම ද පුහුණු වීම් සිදු කරයි.
- ශිෂ්‍ය පාර්ලිමේන්තුව ඉතා සක්‍රියව ක්‍රියාත්මක වන අතර, ශිෂ්‍ය බට, පරිසර බට හා බාලදක්ෂ බාලිකා වැනි විෂය සමගාමි ක්‍රියාකාරකම් ඉතා හොදින් විද්‍යාලයේ ක්‍රියාත්මක වෙමින් පවති.
