1945 ට පෙර ගමට අවශ්‍යතාවයක් වු අධ්‍යාපනය ලබාදෙන ස්ථානයක් සොයා ගැනීමට ඉතා කැපවීමෙන් කටයුතු කර ඇත්තේ එවකට කුට්ටියගොල්ල ශ්‍රි ඛෙත්තාරාම විහාරස්ථානයේ වැඩසිටි නායක ස්වාමින්ද්‍රයන් වහන්සේය. පසුව උන් වහන්සේ එම විහාරස්ථානයේම ඉතා කුඩාවට පොත් අතු පැළක පාසල ආරම්භ කර ඇත. ළමුන් දෙදෙනෙකුගෙන් ආරම්භ කළ පාසල අද වන විට ඉතා දියුණු රජය මග/ින් පාලනය වන පාසලක් බවට පත්ව ඇත.
පන්සලට පහළින් වු ස්ථානයක දැන් පාසල පවත්වාගෙන යයි. පංති කාමර 2න් ආරම්භ කර ඇත. එම පංති කාමර අදටත් දැකගත හැකි අතර, සමහරක් ගරා වැටෙමින් පවති. නිල නිවාස මෙන්ම පර් ෂද මුලස්ථානයක් ලෙස ද මෙම පාසල අතීතයේ නම්කර තිබු බවට සාක්ෂි ඇත.