ඌව පළාතේ මනරම් බදුල්ල දිස්ත්‍රික්කයේ වියළුව අධ්‍යාපන කලාපයට අයත් සොරණාතොට කොට්ඨාසයේ සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප විද්‍යාලය නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රටට දැයට තිළිණ කළ කීර් තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. උසස් පෙළ සඳහා කලා අංශයෙන් පමණක් අධ්‍යාපන කටයුතු සිදු කෙරේ.